Sunday, October 31, 2010

දීර්ඝායුෂ ලබන්න,JAVA තාක්ෂණය භාවිත කරන්න.

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com






ජංගම දුරකථන භාවිතා කර විවිධ අධිතාක්ෂණික නිර්මාණ කල හැකි බවත්, ඒ සදහා අවශ්‍ය තාක්ෂණය JAVA භාෂාව හරහා ලැබෙන බව සැවොම දන්නා කරුණකි. මේ ලිපියේ අඩංගු වන්නේ ජංගම දුරකථනය භාවිතයෙන් මිනිසා ගේ රෝග නිර්ණය කර ගැනීමේ හැකියාව තමන්ටම සැලැස්වීම තුලින් දීර්ඝායුෂ ලැබීමට සැලැස්වීම පිළිබදවයි.


මෙඩිටච්[Meditouch] යනු වෛද්‍ය උපකරණ නිශ්පාදනය කිරීම පිළිබදව විශිෂ්ට නාමයක් උසුලන ආයතනයකි. 
එය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති ආයතනයකි.



මෙම ආයතනයේ සේවය කරන JAVA මෘදුකාංග ඉංජිනේරුවන්ට ජංගම දුරකථන භාවිතයෙන් නාඩි වැටෙන ආකාරයේ සිදුවෙන වෙනසක් පිළිබදව රෝගියාව දැනුවත් කරන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය විය. ඔවුහූ එම නිර්මාණය 2006 වසරේදී ඉතා සාර්ථකව අවසන් කළහ.

HandTutor
තමන්ගේ නාඩි වැටෙන ආකාරය ස්වංය ව නිර්ණය කර ගත හැකි උපකරණ මීට පෙර ඉතාම මිල අධික උපකරණ ලෙස හැදින්විය. ඒවා භාවිතා කලේ අභ්‍යාවකශා යනාවල ගමන් කරන ගගන ගාමීන් පමණයි.



එමෙන්ම HandTutor නැමති උපකරණය මගින් අස්ථි වල සිදුවන අබාධ ගැන රෝගියාට දැන ගත හැක. JAVAතාක්ෂණය ජංගම දුරකථන සදහා විවිධ අයුරින් භාවිතා කරන්නට හැකිවීම නිසා සාමාන්‍ය ජනතාව අතරට ද අද මෙවැනි පහසුකම් ලගා වී ඇත.

HandTutor ක්‍රියාත්මක වන ආකරය බලන්න. [http://www.youtube.com/watch?v=S2SQqIwjz64]

බාල මහලු කාටත් උපාධි දෙන virtual university

Dehan Vithana (+94714470384)  


dehan.vithana@yahoo.com                                        




                      

වෙලාවක් කලාවක් වයසක් නැතිව ඕනෑම කෙනෙකුට හිතුමනාපයට යන්නට පුලුවන් ඉස්කෝල වර්ගයක් තිබේ. ඒ පොළොවේ ඉදි කල ගොඩනැගිලිවල නොව සයිබර් අවකාශයේ හෙවත් අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි තුළය. මේ අලුත් පන්නයේ පාසල්වලින් ඉගෙන ගැනීමට ඉංග්‍රීසියෙන් කියන්නේ E-Learning කියා ය.  E-Learning ක්‍රමයෙන් සයිබර් පන්තියක [Cyber Class]ඉගෙන ගන්නා සිසුවාට ඉංග්‍රීසියෙන් කියන්නේ E-Student කියා ය.



අධ්‍යාපනයට තාක්ෂණයෙන් ලැබෙන පිටිවහල කවරේදැයි නිතර සමීක්ෂණ කරන ඇමරිකාවේ The Peak Group සමාගම කියන්නේ දැනට ලෝකය පුරා මෙවැනි E-Students ලා දශ ලක්ෂයකට වැඩි පිරිසක් සිටින බව ය. ඔවුහූ අන්තර්ජාලය හරහා උසස් පාසල් ඩිප්ලෝමාවන් මෙන්ම උපාධි පාඨමාලා ද හදාරති.




ලෝකයේ කීර්තිමත් අධ්‍යාපන ආයතන මෙන්ම විශ්ව විද්‍යාල බොහොමයක්ම සිය සයිබර් විශ්ව විද්‍යාල අන්තර්ජාලය තුල ස්ථාපිත කොට ඇත. මේ ගැන සංඛ්‍යාලේඛන පෙන්වන Eduventures නම් ඇමරිකානු සමීක්ෂණ ආයතනය කියන්නේ පසුගිය වසරක් තුළ ලොවපුරා E-Education ප්‍රවණතාව 38% කින් වර්ධනය වී ඇති බවයි. එහි තේරුම කුමක් ද? එහි තේරුම ගැන කතා කරමින් ඇමරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ[University of Minnesota] කුලපතිනිය වන බිලී වෝල්ස්ට්‍රෝම් [Billie Wahlstrom] කියන්නේ තුන්වන 
ලෝකයේ රටවල්වලට E-Education බෙහෙවින් උචිත බවයි.
Billie Wahlstrom


දැනට ඇමරිකාවේදී E-Education ක්‍රමයෙන් අධ්‍යාපනය ලබන්නට අධ්‍යාපන ආයතන විසින් ලබා දී තිබෙන පහසුකම්වල තරම ගැන අදහසක් ඇමරිකානු දුරස්ථ අධ්‍යයන සංගමයේ [US Distance Learning Association] සංඛ්‍යාලේඛනවලින් ලබා ගත හැක. එහි අධ්‍යක්ෂක ජෝන් ජි. ෆ්ලෝර්ස් කියන්නේ[John G. Florce] ඇමරිකාවේ පෞද්ගලික පාසල්වලින් හරි අඩකටත්, රජයේ පාසල්වලින් 90% කට දැනටමත් E-Education ක්‍රමයේ පාඨමාලා ලබා දෙන බව ය.




සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට අමතර වශයෙන් අන්තර්ජාලය ආශ්‍රයෙන් ඉගෙන ගන්නට සිසුන් යොමු කිරීම මේ පාසල්වල කරන්නේය. ඒ පාසල්වලට හා විශ්ව විද්‍යාලවලට අදාළ වෙබ් අඩවි වෙත පිවිසෙන සිසුන්ට තමාට අදාළ ගෙදර වැඩ [Home Work] අන්තර්ජාලය තුලින් කරන්නට පුලුවන. පුස්තකාල පරිහරණය කරන්නට පුලුවන. කෙටියෙන් කියනවා නම් දේශනාගාරවලින් පිටත දී ඕනෑම වේලාවක මේ වැඩවල යෙදෙන්නට ඉඩ ලැබේ.



අන්තර්ජාලය හරහා සම්පූර්ණයෙන්ම සිය පාඨමාලා පවත්වා ගෙන යමින් උපාධි ප්‍රදානය කරන්නට දැන් ලෝකයේ කීර්තිමත් විශ්ව විද්‍යාල බොහොමයක් වැඩ සටහන් [Online Degree Programme] සාදා තිබෙන්නේය. මේ අයුරින්ම සිය පාඨමාලාවලින් වැඩි හරියක්ම අන්තර්ජාලය තුළින් ඉදිරිපත් කරන පාසල් ද ඇත. එවැනි පාසලක් වන ඇමරිකාවේ Florida Virtual School හී ප්‍රධානියා වන ජූලී යන්ග් [Julie Young] පවසන්නේ එම පාසලේ ළමුන්ගෙන් 97% පමණ සතියකට පන්තියට එන්නේ දවස් දෙකක් පමණක් බවයි. අනෙක් වේලාවට ඒ සිසුන් විෂය නිර්දේශය සම්පූර්ණ කර ගන්නේ තම නිවසේ සිට වීම වෙබ් අඩවිය ඔස්සේ ය.
Julie Young

අධ්‍යාපනය ලබා දීම මෙන්ම විභාග පැවැත්වීම ද අන්තර්ජාලය හරහා සිදු වේ. විභාග ශාලාව යනු එකිනෙකින් වෙන් කළ කුටීර තුළ පරිගණක රදවා තබන තැනකි. කඩදාසි,පෑන්,පැන්සල් නැතිව මෙතනට එන විභාග අපේක්ෂකයා පරිගණකයක් ඉදිරියේ වාඩි වේ. හරියට ඊ-මේල් ගිණුමක් [E-mail Account] විවෘත කරන්නාක් මෙන් විභාග අපේක්ෂකයා තමාගේ විභාග ගොනුව අදාළ වෙබ් අඩවියට පිවිස සොයා ගනී. දැන් රහස් වචනය[Password] ඇතුලු කල යුතුය. එවිට ප්‍රශ්න පත්‍රය දිග හැරේ.


දැන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ටයිප් කරන්නට පුලුවන. ටයිප් කළ පිළිතුරු නැවත කියවා බලා සෑහීමකට පත්වීමෙන් පසුව ඒවා ඉදිරිපත්[Submit] කළ යුතුය. ඉන්පසුව ටික වේලාවක්  රැදී සිටීමෙන් පසු විභාග ප්‍රතිඵල ලබා ගත හැක. මේ අයුරින් සයිබර් පාසලකින් හෝ සයිබර් විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගැනීමෙන් හරි හමන් අධ්‍යාපනයක් ලැබේ ද යන්න සැක සංකා මතු කරන්නෝ සිටිති. ඔවුන් කියන්නේ E-Education මගින් අධ්‍යාපනයේ හරය විනාශ වන බවය.  

මේ මතය ගැන කතා කරමින් ඇමරිකාවේ ෆීනික්ස් විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා[University of Phoenix] වන ලෝරා පාමර් නූන් [Laura Palmer Noone] පවසන්නේ මේ අලුත් ක්‍රමය මගින් සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනස් වූ බවයි. වත්මන් ලෝක‍යට ගැලපෙන මෙම ක්‍රමය නිසි අයුරින් උසස් අධ්‍යාපනය හරි හැටි ලබා දෙන්න ඕනෑ කරන වැඩසටහන් හා ප්‍රතිපත්ති සකස් කිරීමේ වගකීම අධ්‍යාපනඥයින්ට ඇති බව ඈ තව දුරටත් ප්‍රකාශ කරයි.
Laura Palmer Noone

Wednesday, October 27, 2010

WHAT IS ENTREPRENEURSHIP EDUCATION

Entrepreneurship education seeks to provide students with the knowledge, skills and motivation to encourage entrepreneurial success in a variety of settings. Variations of entrepreneurshipeducation are offered at all levels of schooling from primary or secondary schools through graduate university programs.



What makes entrepreneurship education distinctive is its focus on realization of opportunity, where management education is focused on the best way to operate existing hierarchies. Both approaches share an interest in achieving "profit" in some form (which in non-profit organizations or government can take the form of increased services or decreased cost or increased responsiveness to the customer/citizen/client).
Entrepreneurship education can be oriented towards different ways of realizing opportunities:
  • The most popular one is regular entrepreneurship: opening a new organization (e.g. starting a new business).
  • Another approach is to promote innovation or introduce new products or services or markets in existing firms. This approach is called corporate entrepreneurship or intrapreneurship, and was made popular by author Gifford Pinchot in his book of the same name. Newer research indicates that clustering is now a driving factor. Clustering occurs when a group of employees breaks off from the parent company to found a new company but continues to do business with the parent. Silicon Valley is one such cluster, grown very large.
  • A recent approach involves creating charitable organizations (or portions of existing charities) which are designed to be self-supporting in addition to doing their good works. This is usually calledsocial entrepreneurship or social venturing. Even a version of public sector entrepreneurship has come into being in governments, with an increased focus on innovation and customer service.

Wednesday, October 20, 2010

The Voice of Sri Lanka Youth: Internet නැමැති කිරි කළයට ගොම මුසු වීම.

The Voice of Sri Lanka Youth: Internet නැමැති කිරි කළයට ගොම මුසු වීම.: "Dehan Vithana (+940714470384) dehan.vithana@yahoo.com අන්තර්ජාලය, සුවහසක් මිනිසුන් එක්තැන් කොට එකිනෙකා අතර සම්බන්දතා ගොඩ නගන මාහැගි පාලමකි. ..."

The Voice of Sri Lanka Youth: JAVA විප්ලවය

The Voice of Sri Lanka Youth: JAVA විප්ලවය: "Dehan Vithana (+940714470384) dehan.vithana@yahoo.com 1970 දී බිල් ජෝයි[Bill Joey],(සන් මයික්‍රෝ සිස්ටම්[Sun Micro System] හි හිටපු උප සභාප..."

The Voice of Sri Lanka Youth: සකල සැමට Internet සරණ පැතීම.

The Voice of Sri Lanka Youth: සකල සැමට Internet සරණ පැතීම.: "Dehan Vithana [+940714470384] dehan.vithana@yahoo.com මිනිස් සමාජය හා ශිෂ්ටාචාරයේ පදනම වැටී තිබෙන්නේ තාක්ෂණය මත ය. තාක්ෂණයෙන් තොර වී නම් අපට..."